Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 17:11

Sinhala Revised Old Version

මෝසෙස් එසේ කෙළේය. ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස ඔහු කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

තමුන්ගේ නුවරවල වාසය කරන නුඹලාගේ සහෝදරයන්ගේ ලේ වැගිරවීම ගැනවත් ව්‍යවස්ථාව සහ ආඥාව ගැනවත් පනත් හා විනිශ්චයයන් ගැනවත් නුඹලා වෙතට පැමිණෙන සියලු පැමිණිලිවලදී ඔවුන් ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදකාරයන් නොවන පිණිසත්, නුඹලා සහ නුඹලාගේ සහෝදරයන් කෙරෙහි උදහස නොපැමිණෙන පිණිසත්, ඔවුන්ට අවවාදකරන්න. නුඹලා වරදකාරයන් නොවන පිණිස මෙසේ කරන්න.

එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය.

එසේ ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ අපවිත්‍රකම් නිසාද ඔවුන්ගේ සියලු අපරාධයන් එනම් ඔවුන්ගේ සියලු පව් නිසාද ශුද්ධස්ථානය උදෙසා සමගිකමක් කරන්නේය. ඔවුන් අතරේ ඔවුන්ගේ අපවිත්‍රකම් මැද පිහිටා තිබෙන සම්මුඛවීමේ කූඩාරමටත් එසේම කළ යුතුය.

නුමුත් මාංස ඔවුන්ගේ දත් අතරේ තිබෙද්දීම, ඒවා විකන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේගේ උදහස සෙනඟට විරුද්ධව ඇවුළුණේය, ස්වාමීන්වහන්සේ ඉතා මහත් වසංගතයකින් සෙනඟට පහරදුන්සේක.

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.

ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ට කථාකොට: මෙන්න, අපි විනාශවෙමුව, අපි නැතිවී සිටිමුව, අපි සියල්ලෝ නැතිවී සිටිමුව.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්