Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 16:4

Sinhala Revised Old Version

මෝසෙස් ඒ අසා මුහුණින් වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔවුන් පහරදෙද්දී මම ඉතිරිවී මුහුණින් වැටී: අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස! ඔබගේ කෝපය යෙරුසලම පිට වගුරුවන අතර ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉතිරිව සිටින සියල්ලන්ම ඔබ නාස්තිකරනසේක්දැයි කියා මොරගැසීමි.

එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය.

එවිට ඔව්හු මුහුණින් වැටී: අහෝ, දෙවියන්වහන්ස, මාංසය වූ සියල්ලන්ගේ ආත්මවල දෙවියන්වහන්ස, එක මනුෂ්‍යයෙක් පව්කරන විට ඔබ මුළු සභාව කෙරෙහි උදහස්වනසේක්දැයි කීවෝය.

මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශකරන පිණිස මොවුන් අතරෙන් අහක්වෙන්නැයි කීසේක.

ඔහු කෝරාට සහ ඔහුගේ මුළු සමාගමට කථාකොට: ස්වාමීන්වහන්සේ තමන්ට අයිතිවූ අය කවුද කියාත් ශුද්ධවූ තැනැත්තා කවුද කියාත් හෙට උදය දන්වාදී ඒ අය තමන් ළඟට පමුණුවනවා ඇත. උන්වහන්සේ තෝරාගන්න අයම තමන් ළඟට පමුණුවනවා ඇත.

මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය.

යෝෂුවා තමාගේ වස්ත්‍ර ඉරාගෙන ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සවස් වන තෙක් මුහුණින් බිම වැටී උන්නේය; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලිද දමාගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්