Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 16:27

Sinhala Revised Old Version

එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බලසම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද?

මෝසෙස් කූඩාරම ළඟට පිටතට ගිය කල මුළු සෙනඟ නැගිට එක එක මනුෂ්‍යයා තම තමාගේ කූඩාරමේ දොරකඩ සිට මෝසෙස් කූඩාරමට ඇතුල්වන තෙක් ඔහු දෙස බලා සිටියෝය.

විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.

විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.

එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.

ලෙවීගේ පුත්‍රවූ කොහාත්ගේ පුත්‍රයා වන ඉශ්හාර්ගේ පුත්‍රයාවූ කෝරාද රූබෙන් පුත්‍රයෝ වන එලියාබ්ගේ පුත්‍රයෝවූ දාතාන් හා අබීරාම්ද පෙලෙත්ගේ පුත්‍රවූ ඕන්ද,

එසේවී නුමුත් කෝරාගේ පුත්‍රයෝ නොනැසුණෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්