බැටළුවෙකු සමඟ නම් ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් තුනෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙකොටසක් මිශ්‍රකර ඔප්පුකරන්න.
ඔහුගේ පූජාව එළුවෙක් නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියේ ඌ පූජා කළ යුතුය.
එසේ තමාගේ පූජාව ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නා ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.
පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න.
පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.