නුඹලාගේ ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලාගේ පරම්පරාවන්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.
ලෙවීවරුන් ඒ කොටස්වලින් දසයෙන් කොටසක් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවේ ඇතුල් ගෙවලට ගෙනෙන පිණිස දසයෙන් කොටසක් දෙන විට ආරොන්ගේ පුත්‍රයෙක්වූ පූජකයෙක් ඔවුන් සමඟ සිටින හැටියටත් නියමකරගතිමු.
නුඹේ භූමියේ ප්‍රථම ඵලවලින් පළමු ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෙට ගෙනෙන්න. එළුපැටවෙකු උගේ මවුගේ කිරෙන් නොපිහන්න.
එය නිරන්තරයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් දිය යුත්තක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද වන්නේය. මක්නිසාද එය එසවීමේ පූජාවක්ය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් එනම් ඔවුන් විසින් ස්වාමීන්වහන්සේට ඔසවන පූජාවලින් එසවීමේ පූජාවක් වන්නේය.
සියලුම දේවල සියලුම ප්‍රථම ඵලවලින් පළමු ඒවාද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ලද පූජකයන්ට වන්නේය. නුඹේ ගෙය මතුයෙහි ආශීර්වාදයක් පවතින පිණිස නුඹලාගේ අනාපු පිටියෙන් පළමු කොටස පූජකයාට දෙන්න.
එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන්වහන්සේගේ පඬුරක් නුඹලා ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් නුඹලා විසින් නොකෑ යුතුය. එය නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
ප්‍රථමකොට අනාපු පිටියෙන් නුඹලා රොටියක් සාදා එසවීමේ පූජාවක් පිණිස ඔප්පුකරන්න. පාවරේ එසවීමේ පූජාව මෙන් ඒකත් ඔසවන්න.
නුඹලාට වැරදිලා, නුඹලා ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කීවාවූ මේ සියලු ආඥා,
තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.