ගණන් කථාව 15:15Sinhala Revised Old Versionමුළු සභාවට එනම් නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය නුඹලාගේ පරම්පරාවලට සදාකාල පනතක්ය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා. පරිච්ඡේදය බලන්න |
සියලු ඉශ්‍රායෙල්වරුද ඔවුන්ගේ වැඩිමහල්ලෝද මුලාදෑනීහුද විනිශ්චයකාරයෝද ස්වදේශියා සේම විදේශියාද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉසුලූ ලෙවීවරුන්වූ පූජකයන් ඉදිරියෙහි ගිවිසුම් පෙට්ටිය දෙපැත්තේ සිටියෝය; දෙකෙන් කොටසක් ගෙරිසීම් කන්ද ඉදිරිපිටය, දෙකෙන් කොටසක් ඒබාල් කන්ද ඉදිරිපිටය. මෙසේ කළේ පළමුකොටම ඉශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුය කියා ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් අණකළ හැටියටය.