ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා.
නුඹලා පිළියෙළ කරන ගණනේ හැටියට උන්ගේ ගණනෙන් එක එකා ගැන එසේ කරන්න.
නුඹලා සමඟ සිටින විදේශියෙක් නුමුත් නුඹලාගේ පරම්පරාවල නුඹලා අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට නුඹලා කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.