පාන පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳ ඇති ගිනි පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් භාගයක්ද ඔප්පුකරන්න.
එක එක ගවයාට වුණත් එක එක බැටළුවාට වුණත් එක එක බැටළුපැටවාට වුණත් එක එක එළුපැටවාට වුණත් එලෙස කළ යුතුය.
පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න.
ගොනා සමඟ ආහාර පූජාවක් පිණිස තෙල් හිනකින් භාගයක් සමඟ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක් මිශ්‍රකර ඔප්පුකෙරේවා.
මුහුන් නැති රොටි පෙට්ටියක් වන තෙල් මුසු සිහින් පිටියෙන් සෑදූ රොටිද තෙල් ගෑවාවූ මුහුන් නැති පූපද උන්ගේ ආහාර පූජාවද උන්ගේ බොන පූජාද ස්වාමීන්වහන්සේට ඔප්පුකරාවා.
ඔහු කිරිවැරූ කල ඈ ගොස් ගොන් තුන්දෙනෙක්ද පිටි ඒඵාවක්ද මුද්‍රිකපාන භාජනයක්ද ඇතුව ඔහු ගෙනගොස් ෂීලෝහි තිබුණු ස්වාමීන්වහන්සේගේ ගෘහයට පැමුණුණාය. ළමයා බාලව සිටියේය.