Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 13:2

Sinhala Revised Old Version

මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය.

එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය.

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න.

දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය.

මෝසෙස් ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.

දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය.

දේශය උරුම වශයෙන් බෙදන පිණිස සියලු ගෝත්‍රවලින් එක අධිපතියෙකු බැගින් ගන්න.

එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන නුඹලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද නුඹලාගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.

නුඹලා නැගී ගොස් මා නුඹලාට දුන් දේශය හිමිකර ගන්නය කියා ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේ සිට නුඹලා යැවූ විටත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව නුඹලා කැරළිගැසුවහුය, නුඹලා උන්වහන්සේ විශ්වාස කළේවත් උන්වහන්සේගේ හඬ ඇසුවේවත් නැත.

එබැවින් එක එක ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් දොළොස්දෙනෙකු තෝරාගන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්