මන්නා වනාහි කොත්තමල්ලි ඇට වාගේය, එහි පැහැය මුතුවල පැහැය මෙන්ය.
ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය.
ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට නුඹලා ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය.
ඉශ්‍රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි.
සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය.
ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.