තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය.
අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නවූ මෑ කවුද?
නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය.
මෝසෙස් තමාගේ මාමා වන මිදියන්හි රෙවුයෙල්ගේ පුත්‍රවූ හොබාබ්ට කියනුයේ: මම නුඹලාට දෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කී ස්ථානයට අපි ගමන්කරමුව. අප සමඟ එන්න, අපි නුඹට යහපත කරන්නෙමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් ගැන යහපත කථාකර තිබේයයි කීවේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය. එසේ ඔව්හු තමුන්ගේ වංශවල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත් ලෙස තමුන්ගේ ධජවල හැටියට කූඩාරම් ගසාගත්තෝය, එසේම නික්ම ගියෝය.
මක්නිසාද දෙවියන්වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන්වහන්සේය; ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.
නුමුත් සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා.
මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.