එප්‍රායිම් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමාය.
ඔහුගේ පියා ඊට කැමතිනොවී: මම දනිමි, මාගේ පුත්‍රය, මම දනිමි. ඔහුද සෙනඟක් වන්නේය, ඔහුද උත්තම වන්නේය. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා උතුම් වන්නේය, ඔහුගේ වංශයද ජාති සමූහයක් වන්නේයයි කීය.
යෝසෙප්ගේ පුත්‍රයන් අතරෙන් එප්‍රායිම්ගෙන් අම්මිහුද්ගේ පුත්‍රවූ එලිෂාමා සහ මනස්සේගෙන් පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයේ සේනාවට අධිපතියා පෙදාශූර්ගේ පුත්‍රවූ ගමාලියෙල්ය.
සත්වෙනි දවසේදී අම්මිහුද්ගේ පුත්‍රවූ එප්‍රායිම් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිෂාමාය.