එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.
පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
සමහරවිට වලාකුළ මණ්ඩපය පිට ස්වල්ප දවසක් නැවතුණේය; එකල ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස කූඩාරම්වල නැවතී සිටියෝය, ඔව්හු ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ගමන් කළෝය.
ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු කූඩාරම් ගසාගත්තෝය, ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔව්හු ගමන්කළෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු හැටියට ඔව්හු ස්වාමීන්වහන්සේගේ සේවය බලාගත්තෝය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: නුඹලා මේ කන්දේ විසූ කාලය ඇත.