නුඹලා සමඟ සිටිය යුතු මනුෂ්‍යයන්ගේ නාම මේය: රූබෙන් ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය.
තවද ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොව්හුය. රූබෙන්වරුන්ට ආණ්ඩුකාරයාව සිටියේ සික්රීගේ පුත්‍රවූ එලියෙසෙර්ය; සිමියොන්වරුන්ට මයකාගේ පුත්‍රවූ ෂෙපටියාය;
සිමියොන් ගෝත්‍රයෙන් ශූරිෂද්දයිගේ පුත්‍රවූ ෂෙලුමියෙල්ය.
පළමුකොට යූදා පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්විය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
රූබෙන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා ෂෙදෙවුර්ගේ පුත්‍රවූ එලිශූර්ය.
දකුණු පැත්තෙහි තමුන්ගේ සේනාවල හැටියට රූබෙන්ගේ අන්දායමේ ධජයට අයිති අය සිටිත්වා. රූබෙන්ගේ පුත්‍රයන්ට අධිපතියා ෂෙදෙයූර්ගේ පුත්‍රවූ එලිශූර් වන්නේය.
නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.
පළමුවෙනි දවසේදී තමාගේ පඬුර ඔප්පුකළේ යූදා ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන්ය.
තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය.
සතරවෙනි දවසේදී ෂෙදෙවුර්ගේ පුත්‍රවූ රූබෙන් පුත්‍රයන්ගේ අධිපතියාවූ එලිශූර්ය.