මෝසෙස් සහ ආරොන් විසින්ද තම තමාගේ පිය පෙළපත වෙනුවට සිටිය මනුෂ්‍යයන් දොළොස්දෙනා වන ඉශ්‍රායෙල් අධිපතීන් විසින්ද ගණන්කරනු ලැබුවෝ මොව්හුය.
යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.
නප්තලීගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් තුන්දාස් හාරසියයක්ය.
මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.