ගාද්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,
ගාද්ගේ පුත්‍රයෝ, ශිඵියොන්, හග්ගි, ෂුනී, එශ්බොන්, ඒරි, අරෝදි සහ අරේලීය.
ගාද්ට විරුද්ධව බලසමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.
අම්මොන් පුත්‍රයන් ගැනය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල්ට පුත්‍රයෝ නැද්ද? ඔහුට උරුමක්කාරයෙක් නැද්ද? ඇත්නම් මල්කාම් ගාද් රට හිමිකරගත්තෙත් ඔහුගේ සෙනඟ එහි නුවරවල වාසයකරන්නෙත් මක්නිසාද?
සිමියොන්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියලු පිරිමි පනස්නවදාස් තුන්සියයක්ය.
ගාද්ගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ සතළිස් පන්දාස් හසිය පනසක්ය.
රූබෙන් පුත්‍රයෝද ගාද් පුත්‍රයෝද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද සන්නද්ධව මෝසෙස් ඔවුන්ට කී ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙරටුව මෙතරට ආවෝය.