සභාවෙන් කැඳවාගන්නාලද්දෝ මොව්හුය, මොව්හු තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රවල අධිපතියෝව ඉශ්‍රායෙල් දහස් ගණන්වලට මුලාදෑනියෝව සිටියෝය.
ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න.
මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද වශයෙන් සෙනඟ කෙරෙහි ප්‍රධානීන් කොට ඔවුන් පත්කෙළේය.
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
නප්තලී ගෝත්‍රයෙන් ඒනාන්ගේ පුත්‍රවූ අහිරාය.
මෝසෙස් සහ ආරොන් නාම වශයෙන් සඳහන් කරනලද ඒ මනුෂ්‍යයන් කැඳවාගෙන,
එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය.
එක හොරණෑවක් පමණක් පිම්බ කල ඉශ්‍රායෙල් දහස් ගණන්වල ප්‍රධානියෝ වන අධිපතීහු නුඹ වෙතට රැස්වෙත්වා.
මම බැස එහිදී නුඹ සමඟ කථාකරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා, ඔවුන් නුඹ සමඟ එය උසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන් ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය–
තම තමුන්ගේ පිය පෙළපත්වලට ප්‍රධානියෝ වන ඉශ්‍රායෙල්හි අධිපතියෝ පඬුරු ඔප්පුකළෝය; මොව්හු ගෝත්‍රයන් කෙරෙහි අධිපතිවූවෝය, මොව්හු ගණන්කරනලද්දවුන් කෙරෙහි මුලාදෑනියෝව සිටියෝය.
එහෙයින් මම ප්‍රඥාවන්තවූ අඳුනන්නාවූ මනුෂ්‍යයන් වන නුඹලාගේ ගෝත්‍රවල ප්‍රධානීන් ගෙන සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද නුඹලාගේ ගෝත්‍රවලට මුලාදෑනීන්ද වශයෙන් ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කෙළෙමි.
ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.
සාවුල් තමා වෙත සිටි තමාගේ සේවකයන්ට කථාකොට: බෙන්යමින්වරුනි, අසන්න; යෙස්සේගේ පුත්‍රයා නුඹලා හැමදෙනාට කෙත්ද මිදිවතුද දෙනවා ඇද්ද? නුඹලා සියල්ලන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද කරනවා ඇද්ද?
ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.