ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත.
පුරස්ගේ පුත්‍රවූ බෙරීයයේ සෝපතර්ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස්ද දර්බයේ ගායස් සහ තිමෝතියස්ද ආසියාවේ තුඛීකස් සහ ත්‍රොපීමස්ද ඔහු සමඟ ආසියාව දක්වා ගියෝය.
එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, නුඹලාගේ ප්‍රේරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාදවූ එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි.
එසේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාරවූ එපප්‍රස්ගෙන් නුඹලා ඉගෙනගත්තහුය.
නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.
තුඛීකස් එපීසයට යැවීමි.
මම නිකපොලිසෙහි ශීත කාලයේ සිටින්ට නියමකරගත් බැවින් අර්තිමස් හෝ තුඛීකස් හෝ නුඹ ළඟට එවුවාම එහි මා ළඟට එන්ට උත්සාහකරන්න.