Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



කොලොස්සි 4:15

Sinhala Revised Old Version

ලවොදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න. ක්‍රිස්තුස්වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාරකරන්න.

මක්නිසාද මහත්වූ බලවත්වූ දොරක් මට ඇර තිබේ, බොහෝ විරුද්ධකාරයෝද සිටිති.

එසේය, නුඹලා උදෙසාත් ලවොදිකයෙහි සිටින්නන් උදෙසාත් මාංසාකාරයෙන් මාගේ මුහුණ නුදුටු සියල්ලන් උදෙසාත් කොපමණ මහත් පොරඇල්ලීමක් මට තිබේද කියා නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි.

මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.

මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.

අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්