සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.
තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.
තවද ඔව්හු ගෙයි දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය.
එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?
ඉදින්, මෙන්න, ස්වාමීන්වහන්සේගේ හස්තය නුඹ පිට තිබේ, නුඹ අන්ධවී කලකට ඉර නොදක්නෙහියයි කීවේය. එකෙණෙහිම දුමාරයක්ද අඳුරක්ද ඔහු පිටට පැමුණුණේය; ඔහුද තමාගේ අත අල්ලාගෙන යන්ට මිනිසුන් සොයමින් ඇවිද්දේය.
ඒ ආලෝකයේ තේජස නිසා මාගේ ඇස් නොපෙනී ගිය කල, මා සමඟ සිටියවුන් විසින් මාගේ අත අල්ලා ගෙනයනු ලැබ, දමස්කයට පැමිණියෙමි.
එකෙණෙහිම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය;
ඔහු තුන්දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.
දමස්කයේදී අරෙතස් රජු යටතේවූ ආණ්ඩුකාරයා මා අල්ලන පිණිස දමස්කවරුන්ගේ නුවර මුර සිටුවා රැකසිටි විට,
මට පළමුවෙන් ප්‍රේරිතව සිටියවුන් ළඟට යෙරුසලමට නොගොස්, අරාබියට පිටත්ව ගොස්, නැවත දමස්කයට හැරී ආවෙමි.