Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ක්‍රියා 9:30

Sinhala Revised Old Version

සහෝදරයෝ ඒ දැන, ඔහු කායිසාරියට ගෙන ගොස්, තාර්සස්ට යැවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.

යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක.

මේ දවස්වලදී එකසිය විසිදෙනෙක් පමණ සෙනඟ රැස්ව සිටි කල පේතෘස් සහෝදරයන් මැද නැගිට සිට කියනුයේ:

ඔහු සාවුල් සොයන්ට තාර්සස්ට ගොස්,

එවේලේම සහෝදරයෝ රාත්‍රියේ පාවුල් හා සීලස් බෙරීයයට ඇරියෝය. ඔව්හු එහි පැමිණ යුදෙව්වරුන්ගේ සිනගෝගයට ඇතුල්වූවෝය.

පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.

එහිදී අපට සහෝදරයන් සම්බවී, තමුන් සමඟ සත් දවසක් නැවතී සිටින්ට ඔව්හු අපගෙන් ඉල්ලුවෝය. මෙසේ අපි රෝමයට පැමිණියෙමුව.

නුමුත් පිලිප් අසෝතසේදී දක්නාලද්දේය. ඔහු කායිසාරියට එන තෙක් සියලු නුවරවල් මැදින් යමින් ශුභාරංචිය ප්‍රකාශකෙළේය.

ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නැගිට සෘජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න.

පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්