නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.
මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.
නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.
ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.
ඔහු ඔවුන්ට ආචාරකොට, තමාගේ මෙහෙයෙන් දෙවියන්වහන්සේ අන්‍යජාතීන් අතරෙහි කෙරෙවුවාවූ කාරණා එකක් එකක් පාසා කියාදුන්නේය.
ඔහු කථාකොට: අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනන්වහන්සේව දකින්ටත් උන්වහන්සේගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියමකළසේක.
එවිට උන්වහන්සේ මට කථාකොට: පිටත්වෙන්න. මක්නිසාද මම නුඹ මෙයින් බොහෝ ඈතට අන්‍ය ජාතීන් වෙතට යවන්නෙමියි කීසේකැයි කීවේය.
එවිට අග්‍රිපා: මමත් ඒ මනුෂ්‍යයා කථාකරනවා අසන්ට කැමැත්තෙමියි පෙස්තුස්ට කීවේය. හෙට ඔබට අසන්ට ලැබේයයි ඔහු කීවේය.
එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය–
අග්‍රිපා පෙස්තුස්ට කථාකොට: මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේයයි කීවේය.
පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.
තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.
එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්‍රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ,
ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.
නුමුත් මම අන්‍යජාතීවූ නුඹලාට කථාකරමි. මම අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්ව සිටින බැවින් මාගේ මෙහෙයට ගෞරවකරමි.
නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.
මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කරණකොටගෙනවත් නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු පියවූ දෙවියන්වහන්සේ කරණකොටගෙන ප්‍රේරිතයෙක් වන පාවුල් නම් මා විසින්ද,
මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සිහිරකාරවූ පාවුල් නම් මම [යාච්ඤාකරමි].
ඒ පිණිස මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ඇදහිල්ල සහ සත්‍යය ගැන අන්‍යජාතීන්ගේ ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි. ඒ ගැන මම බොරුවක් නොකියා සැබෑව කියමි.
ඒ ශුභාරංචියට මම දේශනාකාරයෙක්ද ප්‍රේරිතයෙක්ද ගුරුවරයෙක්ද කොට පත්කරනු ලැබීමි.
හේවාකම් කරන්නාවූ කිසිවෙක්, ඔහු හේවායෙකු මෙන් ලියාගත් අය සතුටු කරන පිණිස, මේ ජීවිතයේ කාරණාවලට පටලැවෙන්නේ නැත.
මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.