මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක.
මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.
ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.
දමස්කයෙහි අනනියස් නම් එක්තරා ගෝලයෙක් සිටියේය; ස්වාමීන්වහන්සේ දර්ශනයකින්: අනනියස්නි කියා ඔහුට කීසේක. ස්වාමිනි, මම මෙහියයි ඔහු කීවේය.