ඒ නුවර මහත් ප්‍රීතියක් වූයේය.
එවිට සමාරියවරු උන්වහන්සේ ළඟට ඇවිත්, තමුන් සමඟ නවතින ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. උන්වහන්සේ දෙදවසක් එහි නැවතුණුසේක.
අන්‍යජාතීහු ඒ අසා සන්තෝෂව, දෙවියන්වහන්සේගේ වචනයට ගෞරවකළෝය. සදාකාල ජීවනය ලැබීමට නියම කරනලද සියල්ලෝම අදහාගත්තෝය.
ගෝලයෝ වනාහි ප්‍රීතියෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූහ.
ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.