පසුවදා ඔවුන් ඩබරකරන විට ඔහු ඔවුන්ට පෙනී: මනුෂ්‍යයෙනි, නුඹලා සහෝදරයෝය; කුමක් නිසා එකිනෙකාට අයුතුකම් කරවුදැයි කියමින් සමාදානකරන්ට ගියේය.
එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.
මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!
කෝපවූ සහෝදරයෙකු දිනාගැනීම බලවත් නුවරක් දිනාගැනීමට වඩා අමාරුය; එබඳු ඩබර වනාහි මාලිගාවක අගුල් මෙන්ය.
එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට බලකළසේක.
මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු කරණකොටගෙන ඔවුන්ට ගැළවීම දෙන බව තමාගේ සහෝදරයන් දන්නවායයි ඔහු සිතුවේය; නුමුත් ඔව්හු තේරුම් නොගත්තෝය.
ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්,
පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.