ඔව්හු ෂෙකෙම් නුවරට ගෙනයනලදුව, ආබ්‍රහම් විසින් ෂෙකෙම්හි හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදීමිල ගණනකට ගත් සොහොන්ගෙයි තබන ලද්දෝය.
ආබ්‍රහම් එප්‍රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.
මම නුඹලා අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස නුඹලා අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය.
මෙසේ රාඛෙල් නැසී එප්‍රාත්ට (එනම් බෙත්ලෙහෙමට) යන මාර්ගයෙහි තැන්පත්කරනු ලැබුවාය.
මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.
ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය.
මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.
මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය.
තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ගෙනාවාවූ යෝසෙප්ගේ ඇට ෂෙකෙම්හි, යාකොබ් විසින් ෂෙකෙම්ගේ පියවූ හමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී සියයකට මිලේටගත් බිම් කොටසෙහි තැන්පත් කළෝය. ඒවා යෝසෙප් පුත්‍රයන්ට උරුමයක් වූයේය.