තරුණයෝ නැගිට ඔහු ඔතා, පිටතට ගෙනගොස් වැළලුවෝය.
ඔව්හු අබ්සලොම් රැගෙන වනයෙහි තිබුණ මහත් වළේ හෙළා ඔහු පිට ඉතා මහත් ගල්ගොඩක් නැගුවෝය. සියලු ඉශ්‍රායෙල්වරුද තම තමුන්ගේ කූඩාරම්වලට පලා ගියෝය.
ඔව්හු යේසුස්වහන්සේගේ ශරීරය රැගෙන, යුදෙව්වරුන් තැන්පත් කරන සිරිත ලෙස, සුවඳ බඩු සමඟ සිහින් හණරෙදිවලින් එය වෙළූහ.
ඊට තුන් පැයකට පමණ පසු ඔහුගේ භාර්යාව සිද්ධවූ දේ නොදැන එහි පැමුණුණාය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.