නුමුත් ව්‍යවස්ථාචාර්යයෙක්වූ සියලු මනුෂ්‍යයන් විසින් ගරුකරනලද්දාවූ ගමාලියෙල් නම් එක් ඵරිසියෙක් සභාවෙහි නැගිට සිට, ඒ මනුෂ්‍යයන් ස්වල්ප වේලාවකට පිටතට ගෙනයන්ට අණකොට, කියනුයේ:
සැබවින් මනුෂ්‍යයාගේ උදහසින් ඔබට ප්‍රශංසා ලැබෙන්නේය. උදහසේ ඉතිරි කොටස ඔබ ආයුධ කොට බැඳගන්නාසේක.
එවිට අධිපතීහුද මුළු සෙනඟද පූජකයන්ටත් ප්‍රොපේතවරුන්ටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතු නැත; මක්නිසාද මොහු අපට කථාකළේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන්යයි කීවෝය.
එකල දේශයේ වැඩිමහල්ලන්ගෙන් සමහරු නැගිට රැස්ව සිටි මුළු සෙනඟට මෙසේ කීවෝය.
තවද එල්නාතාන්ද දෙලායාද ගෙමරියාද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝය. නුමුත් ඔහු ඔවුන්ට ඇහුම්කන් නුදුන්නේය.
තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය.
ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල, ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවාවූ ඵරිසිවරුත් ව්‍යවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමීන්වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමඟ වූයේය.
යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල්හි ගුරුවරයාව සිටියදීත් මේ දේවල් දන්නේ නැද්ද?
මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.
නුමුත් මන්ත්‍රණ සභාවෙන් පිටතට යන්ට ඔවුන්ට ආඥාකොට, තම තමුන් අතරේ කථාකරගනිමින්: මේ මනුෂ්‍යයන්ට මක්කරමුද?
ඔව්හු ඒ අසා, අලුයම් වේලෙහි දේවමාළිගාවට ඇතුල්වී ඉගැන්නුවෝය. නුමුත් උත්තම පූජකයාද ඔහු සමඟ සිටියෝද ඇවිත් මන්ත්‍රණ සභාව හා ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු වැඩිමහල්ලන් රැස්කරවා, ඔවුන් ගෙනෙන පිණිස හිරගෙට මනුෂ්‍යයන් යැවුවෝය.
ඔව්හු ඔවුන් ගෙනැවිත් සභාව ඉදිරියෙහි සිටෙවුවෝය. උත්තම පූජකයා කථාකොට:
ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි, නුඹලා මේ මනුෂ්‍යයන්ට කරන්ට යන කාරණය ගැන ප්‍රවේසම්වෙන්න.