ඒ අනාගතවක්තෘට ඇහුම්කන් නොදෙන්නාවූ සැමදෙනම සෙනඟ අතරෙන් මුළුමනින්ම විනාශකරනු ලබන්නෝයයි කීවේය.
ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය.
මා එපාකොට මාගේ වචන පිළිනොගන්නා විනිශ්චයකරන්නෙක් සිටිනසේක. මා කී වචනයම අන්තිම දවසේදී ඔහු විනිශ්චයකරන්නේය.
එහෙයින්, නුඹලාගේ පාපවල නුඹලා මැරෙනවා ඇතැයි නුඹලාට කීයෙමි. මක්නිසාද ඒ මමයයි නුඹලා විශ්වාසකළොත් මිස නැත්නම් නුඹලාගේ පාපවල නුඹලා මැරෙන්නහුයයි කීසේක.
එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.
මාගේ නාමයෙන් ඔහු කථාකරන මාගේ වචනවලට ඇහුම්කන් නොදෙන කිසිවෙක් ඇද්ද මම ඔහුගෙන් පළිගන්නෙමි.
නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.
කථාකරන තැනන්වහන්සේ එපා නොකරන්ට බලාගන්න. මක්නිසාද පොළොවේදී අවවාදකළ තැනන්වහන්සේ එපාකළ විට ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අවවාදකරන තැනන්වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැළවෙමුද?
පළමුවෙන් ස්වාමීන්වහන්සේ කරණකොටගෙන කියනලද්දාවූ, ඇසූවන් විසින් අපට ස්ථිරකරදුන්නාවූ මෙපමණ මහත් ගැළවීම අපි නොසලකා සිටියොත් කොහොම ගැළවෙමුද?
ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.
යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.