දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.
ඒ රටේ මනුෂ්‍යයෝ උන්වහන්සේ ඇඳින, එහි වටකර මුළු රටට කියා ඇර, සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා,
සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.
ඔවුන් සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහන්තත්වය ගැන විස්මයට පත්වූවෝය. උන්වහන්සේ විසින් කළ සියලු දේ ගැන සියල්ලන්ම පුදුමව සිටියදී, උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට:
කුමක්හෙයින්ද පියාණන්වහන්සේ පුත්‍රයාට ප්‍රේමකරනසේක, තමන්වහන්සේ කරන්නාවූ සියල්ල ඔහුට පෙන්වනසේක. නුඹලා මවිතවන පිණිස මීට වඩා මහත් ක්‍රියාවලුත් ඔහුට පෙන්වනසේක.
යේසුස්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ ක්‍රියා මොහු කෙරෙහි ප්‍රකාශවන පිණිස මිස මොහුවත් මොහුගේ මවුපියන්වත් පව්කළ නිසා නොවේ.
එබැවින් අසල්වාසියෝද ඔහු සිඟන්නෙක්ව සිටි බව පෙර දුටු අයද කථාකොට: ඉඳගෙන සිඟමන් ඉල්ලූ තැනැත්තා මොහු නොවේදැයි කීවෝය.
ඔවුන් සියල්ලෝ විස්මිතව වියවුල්ව: මේ කිමෙක්දැයි ඔවුනොවුන් කථාකරගත්තෝය.
ඔවුන් සියල්ලෝ විස්මිතව පුදුමවී: බලව, මේ කථාකරන සියල්ලෝ ගලීලයෝ නොවෙද්ද?
මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල්වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබනලද්දේය.