ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව.
එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්ට ඕනෑයයි කීවේය.
එකල අප ගල් ඉඩම්වල වැටේය යන භයින් ඔව්හු අවරෙන් නැංගුරම් හතරක් දමා, පහන්වෙනවා ආශාවෙන් බලා සිටියෝය.
නැංගුරම් පහකරදමා මුහුදේ තිබෙන්ට හැර, ඒ එක්කම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය.
නුමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙවුවෝය; එවිට ඇණිය එරී තදවුණේය, රැළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන්ගත්තේය.