Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ක්‍රියා 27:10

Sinhala Revised Old Version

මනුෂ්‍යයෙනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් අන්තරාය සහ බොහෝ අලාභත් පමුණුවන එකක් බව මට පෙනේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.

මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.

සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.

අපට කුප්‍රස පෙනුණු විට ඒක වමට හැර සිරියාවට ගොස්, තීර්හිදී ගොඩබැස්සෙමුව. මක්නිසාද එහි බඩු ගොඩබාන්ට තිබුණේය.

පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය.

එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.

ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්