අග්‍රිපා පෙස්තුස්ට කථාකොට: මේ මනුෂ්‍යයා කායිසර්ගේ විනිශ්චය නොඉල්ලුවා නම් ඔහුව මුදාහරින්ට පුළුවන්ව තිබුණේයයි කීවේය.
නුමුත් දෑවුරුද්දක් සම්පූර්ණවූ කල පීලික්ස්ගේ නිලයට පොර්කියුස් පෙස්තුස් පත්කරනලද්දේය; පීලික්ස් වනාහි යුදෙව්වරුන් සතුටුකරනු කැමතිව පාවුල් නිදහස් නොකර ගියේය.
නුමුත් මරණයට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනුණේය. ඇරත් මොහුම අධිරාජතුමාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු යවන්ට නියම කෙළෙමි.
ඔව්හු මා ගැන විභාගකර, මරණයට සුදුසුවූ කිසි දෙයක් මා අත නොතිබුණු බැවින් මා නිදහස්කරන්ට කැමතිවූවෝය.
නුමුත් යුදෙව්වරුන් විසින් ඊට විරුද්ධව කථාකළ කල්හි, කායිසර්ගේ විනිශ්චය ඉල්ලන්ට මට ඕනෑවිය. එහෙත් එසේ කළේ මාගේ ජාතියට කිසි දෝෂයක් තබන අදහසින් නොවේ.
නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.