Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ක්‍රියා 26:2

Sinhala Revised Old Version

අග්‍රිපා රජ්ජුරුවනි, යුදෙව්වරුන් විසින් මට තබන සියලු වැරදි ගැන අද ඔබ ඉදිරියෙහි උත්තරදෙන්ට මා සිටින බැවින් මම වාසනාවන්තයෙකැයි සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

රජුන් ඉදිරියෙහිත් ඔබගේ ශික්ෂා ගැන ලජ්ජා නොවී කථාකරන්නෙමි.

නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය.

ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න.

නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය.

ඔහු ගැන මාගේ ස්වාමීන්ට ලියා ඇරීමට සන්තකවු යමක් මට ලැබෙන පිණිස නුඹලා ඉදිරියටද ප්‍රධානකොට, අග්‍රිපා රජ්ජුරුවනි, ඔබ ඉදිරියටද ඔහු ගෙනාවෙමි.

එවිට අග්‍රිපා තෙමේ: නුඹ ගැන උත්තරදෙන්ට නුඹට අවසර තිබේයයි පාවුල්ට කීවේය. එකල පාවුල් අත දිගුකොට තමා ගැන මෙසේ උත්තරදුන්නේය–

එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී,

මේ දේවල් රජ්ජුරුවන්ට තේරෙන්නේය, එබැවින් එතුමාට නිදහස්ලෙස කථාකරමින්, මක්නිසාද මෙය මුල්ලකදී නොකළ බැවින් මේ දේවලින් කිසිවක් එතුමාට සැඟවී නැතැයි විශ්වාසකරමි.

ප්‍රධානකොටම එසේ සිතන්නේ යුදෙව්වරුන් අතරේ පවතින සියලු සිරිත්ද වාදද ඔබට හොඳාකාර තේරෙන නිසාය. එහෙයින් මාගේ වචන ඉවසිල්ලෙන් අසන ලෙස ඉල්ලමි.

අපගේ දොළොස් ගෝත්‍රයෝ රෑ දාවල් උනන්දුකමින් දෙවියන්වහන්සේට සේවයකරමින්, ඒ පොරොන්දුවට පැමිණෙන්ට බලාපොරොත්තුව සිටිති. රජ්ජුරුවනි, යුදෙව්වරුන් මට වරද තබන්නේ මේ බලාපොරොත්තුව ගැනයි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්