සෑම විටම සෑම තැන්වලදීම සියලු ආකාර ස්තුතිවන්තකමෙන් අපි ඒත්තුගනිමුව.
ඔබ යමක් ගැන ඉගනීම ලැබුයෙහිද ඒ කාරණාවල සත්‍යකම ඔබ විසින් දැනගන්නා පිණිස,
පීලික්ස් නම් ආණ්ඩුකාරයා ළඟට ප්‍රවේසමෙන් පාවුල් නංවාගන යන පිණිස මෘගයන් සපයා තබන්ටද අණකෙළේය.
ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්–
අසරුවෝ කායිසාරියට ඇවිත් ආණ්ඩුකාරයාට ලියුම භාරදී පාවුල්ද ඔහු ඉදිරියෙහි සිටෙවුවෝය.
ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් ඔහුට වරද තබන්ට පටන්ගෙන කථාකරමින්: අති උත්තමවූ පීලික්ස්නි, ඔබ කරණකොටගෙන අප බොහෝ සමාදානය භුක්තිවිඳන බවද, ඔබගේ පාලනයෙන් මේ ජාතිය උදෙසා දුර්භාග්‍ය දේවල් පහකරන්ට යෙදුණ බවද,
නුමුත් මම වඩා ඔබට වෙහෙස නොකරන පිණිස ලුහුඬෙන් අප කියන දේ ඔබගේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි.
නුමුත් පාවුල්: උත්තම පෙස්තුස්නි, මට ඔල්මාද නැත; මම සත්‍යවූ සිහියට හුරුවූ වචන කියමි.