ඔවුන් දැන් මා කෙරෙහි තබන වරද ඔබට ඔප්පුකරන්ටත් ඔවුන්ට බැරිය.
ඔහු බෙන්යමින් දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත්‍රවූ ෂෙලෙමියාගේ පුත්‍රයා වන ඉරියා නම්වූ මුරපළේ මුළාදෑනියෙක් එහි සිටියේය; ඔහු අනාගතවක්තෘවූ යෙරෙමියා අල්ලාගෙන: නුඹ කල්දිවරුන්ට එකතුවෙන්ට යන්නෙහියයි කීය.
එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය.
ඔහු ආ කල, යෙරුසලමෙන් ඇවිත් සිටි යුදෙව්වරු පාවුල් වටකර සිට ඔහුට විරුද්ධව ඔප්පුකළ නොහැකිවූ බරපතළවූ බොහෝ පැමිණිලි කළෝය.
නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.