සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය.
එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ,
නුමුත් ඔවුන් පටිවලින් ඔහුව බැන්ද විට පාවුල් කථාකොට: රෝමයෙක්වූ මනුෂ්‍යයෙකු විනිශ්චය නොකොට ඔහුට කසෙන් තළන්ට නුඹලාට අවසර තිබේදැයි ළඟ සිටියාවූ සියයකට මුලාදෑනියාට කීවේය.
එවිට අධිපතියා ඇවිත්: නුඹ රෝමයෙක්ද කියා මට කියන්නැයි ඔහුට කීවේය. එසේයයි ඔහු කීවේය.
එබැවින් ඔහු විභාගකරන්ට සිටි අය එවෙල්ම ඔහු වෙතින් අහක්ව ගියෝය. ඔහු රෝමයෙක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපතියාද භයවූයේය.
යුදෙව්වරුන් විසින් මේ මනුෂ්‍යයා අල්ලා මරන්ට සාදන කල, ඔහු රෝමයෙකු බව මම දැනගන, හේවායන් සමඟ ගොස් ඔහු ගළවාගතිමි.