ඔව්හු මේ වචනය දක්වා ඔහුට ඇහුම්කන්දුන්නෝය; එවිට ඔව්හු ශබ්දනගා: මෙබඳු මනුෂ්‍යයා පොළොවෙන් අහක්කරන්න. මක්නිසාද මොහු ජීවත්වෙන්ට යුතු නැතැයි කිවෝය.
නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය.
එබැවින් ඔව්හු: ඔහු පහකළ මැනව, පහකළ මැනව! කුරුසියෙහි ඇණ ගැසුව මැනව කියා මොරගැසුවෝය. නුඹලාගේ රජ්ජුරුවන් කුරුසියෙහි ඇණගසම්දැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. නායක පූජකයෝ උත්තරදෙමින්: කායිසර් මිස අපට රජෙක් නැතැයි කීවෝය.
මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජන සමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය.
පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.
අන්‍යජාතීන් ගැළවෙන පිණිස ඔවුන්ට කථාකිරීම අපට තහනම්කරති. මෙසේ ඔව්හු නිතරම තමුන්ගේ පව් සම්පූර්ණ කරති. උදහස තීන්දුවටම ඔවුන් කෙරෙහි පැමිණ තිබේ.