ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.
එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.
මාගේ දෙවියන්වහන්ස, ටෝබියාද සන්බලාට්ද කළ මේ ක්‍රියාවල හැටියට, ඔවුන් සහ ප්‍රොපේතවරිය වූ නෝවදියාද මා භයගන්වන්ට උත්සාහකළ අනික් ප්‍රොපේතවරුන්ද සිහිකළ මැනව.
එවිට ආරොන්ගේ සහෝදරීවූ මිරියාම් ප්‍රොපේත දූ තොමෝ රබානක් අතින් ගත්තීය; සියලු ස්ත්‍රීහු රබන්ද නැටුම්ද ඇතුව ඈ පස්සේ ගියෝය.
තවද මනුෂ්‍ය පුත්‍රය, තමුන්ගේම සිතින් උපදවා අනාගතවාක්‍ය කියන්නාවූ නුඹේ සෙනඟගේ දූවරුන්ට විරුද්ධව නුඹේ මුහුණ තබා, ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,
ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.
තවද ආෂෙර්ගේ ගෝත්‍රයේ ඵානුයෙල්ගේ දූවූ, ඉතා වයස්ගතවූ, ආනා නම් අනාගතවක්ත්‍රියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවෙහි සිට සත් අවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමඟ වාසයකළාය,
අන්තියෝකියේ පිහිටි සභාවෙහි ප්‍රොපේතවරු සහ ගුරුවරු සිටියෝය; එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන්ද කිරේනියේ ලුකියස්ද දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ මානායින්ද සාවුල්ද යන අයවල්ය.
අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත.
මෙසේ තමාගේ කන්‍යාව විවාහකරදෙන තැනැත්තේ යහපතක් කරයි; විවාහකර නොදෙන තැනැත්තේ වඩා යහපතක් කරයි.
නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.
ඒ කාලයෙහි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකෙළේ ලප්පිදොත්ගේ භාර්යාව වූ අනාගතවක්ත්‍රියක්වූ දෙබොරා තොමෝය.