යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය.
ඔහුද: නුඹේ පුත්‍රයා මට දෙන්නැයි ඈට කියා ඇගේ ළයෙන් ඔහු රැගෙන, තමා විසූ උඩුමහලට ගෙනගොස්, තමාගේම ඇඳේ ඔහු තැබුවේය.
මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය.
එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.
නුමුත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද යුදෙව්වරු ඇවිත් සමූහයන් පොළඹවාගන, පාවුල්ට ගල්ගසා, ඔහු නැසුණේයයි සිතා නුවරින් පිටතට ඇද්දෝය.
එවිට පාවුල් බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳගන: ඝෝෂා නොකරන්න; මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයයි කීවේය.
සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය.
අප රැස්ව සිටි උඩුමහලේ බොහෝ පහන් තිබුණේය.