ඔහු නැවත උඩට ගොස්, රොටි කඩා කා, ඔවුන් සමඟ බොහෝ වේලාවක් එනම් පහන්වන තුරු කථාකර, පසුව පිටත්ව ගියේය.
තවද ඔව්හු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගිකමෙහිද රොටි කැඩීමෙහිද යාච්ඤාවලද ස්ථිරලෙස පැවතුණහ.
ඔව්හු ඒ ළමයා පණපිටින් ගෙනැවිත්, බොහෝසේ සැනසුණෝය.
සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය.
යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය.