අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය;
අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්තවූහ. කිසිවෙක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයයි නොකීවේය; සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේය.
තමාට තිබුණු බිමක් විකුණා, මිල ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.
තමාගේ භාර්යාවත් දැනුවත්ව මිලෙන් කොටසත් තබාගෙන, එක්තරා කොටසක් ගෙනැවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේය.
ඒක තිබියදී නුඹටම අයිතිව තිබුණා නොවේද? වික්කායින් පසුත් මිල නුඹේ කැමැත්ත යටතේ තිබුණා නොවේද? නුඹේ සිතින් මෙබඳු දෙයක් යෝජනාකරගන්ට යෙදුණේ කොහොමද? නුඹ බොරු කීවේ මනුෂ්‍යයන්ට නොව දෙවියන්වහන්සේටයයි කීවේය.
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන නුඹලා ධනවන්ත වන පිණිස, නුඹලා උදෙසා දිළිඳුවූ බව නුඹලා දන්නහුය.