ඉතිරිවූ මනුෂ්‍යයන්ද මාගේ නාමය දරන සියලු අන්‍යජාතීන්ද විසින් ස්වාමීන්වහන්සේව සොයන පිණිස
සියලු ඉශ්‍රායෙල්වරු රජ තමුන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, සෙනඟ රජුට උත්තරදෙමින්: දාවිත්ගෙන් අපට ඇති කොටස කිමෙක්ද? යෙස්සේගේ පුත්‍රයාගෙන් අපට උරුමයක් නැත. ඉශ්‍රායෙල්වරුනි, නුඹලාගේ කූඩාරම්වලට යන්න. ඉතින් දාවිත්, නුඹ නුඹේම වංශය බලාගන්නැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.
තවද මා විසින් ඔවුන් උදුරාදැමූ පසු මම හැරී ඔවුන්ට අනුකම්පාකොට, ඔවුන් එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ දේශයටත් නැවත පමුණුවන්නෙමි.
තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.