එහෙත් ප්‍රේරිතවූ බාර්ණබස් ද පාවුල්ද ඒ ගැන අසා, තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, සමූහයා අතරට දුව ගොස්, මොරගසා:
එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.
ඉශ්‍රායෙල් රජ ලියුම කියවා තමාගේ ඇඳුම් ඉරාගෙන: මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුවකරන්ට කියා මොහු මට ලියා එවන්නේ මරන්ටත් ජීවත්කරන්ටත් මම දෙවියන්වහන්සේද? මොහු මට විරුද්ධව ඩබරයකට කාරණයක් සොයන හැටි කල්පනාකර බලන්නැයි කීවේය.
එහෙත් රජවත් මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝවත් බියපත් නුවූවෝය, තමුන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝය.
දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,
එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය.
එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: සාක්ෂිකාරයන්ගෙන් තවත් අපට කම මොකද?
නුමුත් නුවර සමූහයෝ භේදව, සමහරෙක් යුදෙව්වරුන්ගේ පක්ෂයටද අන් සමහරෙක් ප්‍රේරිතයන්ගේ පක්ෂයටද සිටියෝය.
මම නිදහස් කෙනෙක් නොවෙම්ද? මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ නුදුටිම්ද? ස්වාමීන්වහන්සේ තුළ නුඹලා මාගේ කර්මාන්තය නොවවුද?