එකල සමූහයෝ පාවුල් කළ දේ දැක ශබ්දනගා: දෙවිවරු මනුෂ්‍ය වේශයෙන් අප ළඟට බැස සිටිතියි ලුකෝනියේ භාෂාවෙන් කීවෝය.
මක්නිසාද නුඹ යවන්නේ අන් භාෂාවක්ද අමාරු වචනද ඇති සෙනඟක් ළඟට නොව ඉශ්‍රායෙල් වංශය ළඟටය;
සෙනඟ හඬනගා කථාකොට: මෙය මනුෂ්‍යයෙකුගේ හඬ නොව දෙවිකෙනෙකුගේ හඬයයි කීවෝය.
ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ.
ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,
ඔහු ඉදිමෙන්නේය නොහොත් හදිසියෙන් මැරී වැටෙන්නේය කියා ඔව්හු බලා සිටියෝය. නුමුත් බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව ඔව්හු දුටු කල, තමුන්ගේ කල්පනාව වෙනස්කොට, ඔහු දෙවිකෙනෙකැයි කීවෝය.
මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.