ඔහු යොහන්ගේ සහෝදරවූ යාකොබ් කඩුවෙන් මැරුවේය.
එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය.
ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.
ඔව්හු උරියා මිසරයෙන් ගෙනැවිත් යෙහෝයාකීම් රජු ළඟට පැමිණෙවුවෝය; රජද ඔහු කඩුවෙන් මරා ඔහුගේ මළකඳ සාමාන්‍ය ජනයන්ගේ සොහොන්වල දැමුවේයයි කීවෝය.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් නුඹලා මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක.
සෙබදීගේ පුත්‍රයෝවූ යාකොබ්ද යොහන්ද උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, අප ඉල්ලන්නාවූ කොයිදෙයක් නුමුත් ඔබ අපට කරදෙනවාට අපි කැමැත්තෙමුයයි කීවෝය.
නුමුත් යේසුස්වහන්සේ: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා නොදන්නහුය. මා බොන කුසලානෙන් බොන්ට හෝ මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්ට හෝ නුඹලාට පුළුවන්දැයි ඔවුන්ට කීසේක.
අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: මා බොන කුසලානෙන් නුඹලා බොන්නහුය; මා ලබන බව්තීස්මයෙන් බව්තීස්මකරනු ලබන්නහුය.
ඒ කාලය පමණේදී හෙරොද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්ට අත දිගුකෙළේය.
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.