පේතෘස් වනාහි දර්ශනය ගැන කල්පනාකරමින් සිටියදී, ආත්මයාණන් වහන්සේ කථාකොට: බලව, මනුෂ්‍යයෝ තුන්දෙනෙක් නුඹ සොයති.
එසේවී නුමුත්, උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වනසේක. මක්නිසාද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කථා නොකර, උන්වහන්සේ අසන දේ කියා, පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට ප්‍රකාශකරනසේක.
පේතෘස් නම්ලත් සීමොන් මෙහි නවාතැන්ගෙන සිටීදැයි හඬගසා ඇසූහ.
ඔහු දහවල් නවවෙනි පැය පමණේදී දෙවියන්වහන්සේගේ දූතයෙකු තමා ළඟට එනවා සහ: කොර්නේලියස්යයි තමාට කියනවාත් දර්ශනයකින් පැහැදිලිලෙස දැක,
ආත්මයාණන්වහන්සේද, ප්‍රභේදයක් නොකොට ඔවුන් සමඟ යන ලෙස මට අණකළසේක. මේ සහෝදරයන් සදෙනාත් මා සමඟ ගියෝය; අපි ඒ මනුෂ්‍යයාගේ ගෙට ඇතුල්වුණෙමුව.
ඔවුන් ස්වාමීන්වහන්සේට මෙහෙකරමින් නිරාහාරයෙන් උන් කල, ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්ණබස්ද සාවුල්ද කැඳවූ වැඩය පිණිස ඔවුන් මට වෙන්කරන්නැයි කීසේක.
බොහෝ වාද හටගත් පසු පේතෘස් නැගිට ඔවුන්ට කියනුයේ: සහෝදරයෙනි, අන්‍යජාතීන් මාගේ මුඛයෙන් ශුභාරංචිය අසා අදහන පිණිස, බොහෝ කලකට පළමුවෙන් දෙවියන්වහන්සේ නුඹලා අතරෙන් මා තෝරාගත් බව නුඹලා දන්නහුය.
ගෝලයන් සොයාගෙන එහි සත් දවසක් සිටියෙමුව. යෙරුසලමට යන්ට එපායයි ඔව්හු ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පාවුල්ට කීවෝය.
එවිට ආත්මයාණන්වහන්සේ පිලිප්ට කථාකොට: නුඹ මේ රථය ළඟට ගොස් එක්වෙයන්නැයි කීසේක.
නුමුත් ඒ එකමවූ ආත්මයාණන්වහන්සේ තමන් කැමතිලෙස එකිනෙකාට වෙන වෙනම බෙදාදෙමින්, මේ සියල්ල කරවනසේක.
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.