අනේ ඒසව්ගේ දේවල් සොයාගනු ලැබූ හැටි! ඔහුගේ සඟවනලද වස්තු සෝදිසිකරනු ලැබූ හැටි!
ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.
ඔවුන්ගේ ළදරුවෝද ඔවුන්ගේ ඇස් ඉදිරියේදී බිම ගසා මරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේය, ඔවුන්ගේ භාර්යාවෝ අවමන්කරනු ලබන්නෝය.
නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.
නුමුත් මම ඒසව් නිර්වස්ත්‍රකෙළෙමි, ඔහු සැඟවෙන ස්ථාන එළිදරව් කෙළෙමි, ඔහුට සැඟවී සිටින්ට බැරි වන්නේය. ඔහුගේ වංශයද සහෝදරයෝද අසල්වාසීහුද නාස්තිවුණෝය, ඔහුද නැත.
කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටටත් ඔවුන්ගේ රථ පිටටත් ඈ තුළ සිටින මිශ්‍රවූ මුළු සේනාව පිටටත් පැමිණ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වෙනවා ඇත. කඩුවක් ඇගේ වස්තු පිටට පැමිණ, ඒවා කොල්ලකනු ලබනවා ඇත.
ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.