කානාන්වරුන් අතරේ වහල්වී සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මේ සමුදාව ශාරෙපත් දක්වාම හිමිකරගන්නෝය; සෙපාරද්හි වහල්වී සිටින යෙරුසලමේ අය දකුණු දිශාවේ නුවරවල්ද හිමිකරගන්නෝය.
දකුණු දිශාවේ නුවරවල් වසා තිබේ, ඒවා අරින්ට කෙනෙක් නැත. මුළු යූදා රට වාලට ගෙනයනු ලැබීය; සහමුලින්ම ගෙනයනු ලැබීය.
ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.
මනුෂ්‍යයෝ බෙන්යමින් දේශයෙහිත් යෙරුසලම අසල ස්ථානවලත් යූදාහි නුවරවලත් කඳු රටේ නුවරවලත් පාත රටේ නුවරවලත් දකුණු දිශාවේ නුවරවලත් කෙත් මිලේටගෙන, ඔප්පු අත්සන්කොට, මුද්‍රකර, සාක්ෂිකාරයන් කැඳවාගන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
කඳු රටේ නුවරවලද පාත රටේ නුවරවලද දකුණු දිශාවේ නුවරවලද බෙන්යමින් දේශයෙහිද යෙරුසලම අසල ස්ථානවලද යූදාහි නුවරවලද බැටළුවන් ගණන්කරන්නාගේ අත් යටින් රැළවල් නැවත යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම යාකොබ්ගේද මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේද වංශයත් එපාකොට, ඔහුගේ වංශයෙන් කෙනෙක් ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද වංශය කෙරෙහි ආණ්ඩුකිරීමට නොගෙන සිටින්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකොට ඔවුන්ට අනුකම්පාකරන්නෙමි.
එසේය, නුඹලා පිට මනුෂ්‍යයන්ට, එනම් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට ඇවිදින්ට සලස්වන්නෙමි; ඔවුන් නුඹව හිමිකරගන්නවා ඇත, ඇත. නුඹද ඔවුන්ට උරුමයක් වන්නෙහිය, ඔවුන්ගේ දරුවන් නුඹ තවත් නැතිකර නොදමන්නෙහිය.
සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එලියා යවනු නොලැබුයේය.