බලව, මම නුඹ ජාතීන් අතරෙහි කුඩාකෙළෙමි. නුඹ ඉතා සුළුකොට සලකනු ලබයි.
සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල ස්වාමීන්වහන්සේ එය යෝජනාකළසේක.
මක්නිසාද: මෙන්න මම නුඹ ජාතීන් අතරේ කුඩා කෙළෙමි, මනුෂ්‍යයන් අතරේ සුළුකෙළෙමි.
ඒක අනික් රාජ්‍යවලට වඩා පහත්ව ජාතීන් කෙරෙහි තවත් උසස් නොවී තිබෙන්නේය. ඔවුන් ජාතීන් කෙරෙහි ආණ්ඩු නොකරන හැටියට මම ඔවුන් අඩුකරන්නෙමි.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.
ඒදොම් උරුමයක් වන්නේය, සේයිර්ද තමාගේ සතුරන්ට උරුමයක් වන්නේය; ඉශ්‍රායෙල්ද බලවන්තකම් කරන්නේය.